රුසියානු ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර හමුවක්

රුසියානු ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර හමුවක්

රුසියානු ජනාධිපති Vladimir Putin සහ චීන ආරක්ෂක අමාත්‍ය Li Shangfu අතර හමුවක් සිදුව තිබෙනවා.

රුසියාවේ මොස්කව් හිදී පැවති එම හමුවේ දී ආර්ථික, දේශපාලන සහ යුද සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර සබඳතාවලට සීමාවක් නොමැති බව එහිදී අදහස් දක්වමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

යුද මෙන්ම තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට ඉතාමත්ම කැමැත්තෙන් සිටින බවයි එම සාකච්ඡාවට එක්වෙමින් චීන ආරක්ෂක අමාත්‍ය Li Shangfu සඳහන් කර ඇත්තේ.

ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු Li Shangfu නිරත වූ පළමු විදෙස් සංචාරය මෙය වන අතර මීට පෙර චීන ජනාධිපති Xi Jinping රුසියාවේ සංචාරයක නිරත වී තිබුණා.

Share This