රුසියානු ජනාධිපති BRI සමුළුවට සහභාගිවීමට චීනයට පැමිණෙයි

රුසියානු ජනාධිපති BRI සමුළුවට සහභාගිවීමට චීනයට පැමිණෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බීජිං වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ බීජිංහි පැවැත්වෙන එක් තීරයක් සහ එක් මාවතක් සමුළුව සඳහා සහභාගී වීමටයි

චීන ජනාධිපතිවරයා දෙදිනක් පුරා පැවැත්වෙන BRI (Belt and Road Initiative’s )සමුළුවේ සමාරම්භකයේදී අද කතා කිරීමට නියමිත අතර රුසියානු ජනාධිපතිවරයා සමග රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

රුසියානු ජනාධිපතිවරයා වියට්නාමය, තායිලන්තය, මොංගෝලියාව සහ ලාඕසය යන රටවල නායකයන් සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්

2022 වසර මුලදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන විදේශ සංචාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම සංසදයට තලේබාන් සංවිධානය ද සහභාගී වීමට නියමිත අතර එය මුලින්ම වාර්තා කළේ රොයිටර්ස් පුවත් සේවය විසිනුයි .

ඉතියෝපියානු අගමැති අබි අහමඩ්, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නයිජීරියානු උප ජනාධිපති කෂිම් ෂෙට්ටිමා, චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික්, කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ සහ හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන්, සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් යන මහත්වරු දැනටමත් එහි පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This