රුසියානු ජාතිකයෙකුව මැරූ මෝරා මමිකරණයට

රුසියානු ජාතිකයෙකුව මැරූ මෝරා මමිකරණයට

ඊජිප්තුවේ දී මුහුදේ පිහිනමින් සිටි රුසියානු ජාතිකයෙකුට පහර දුන් මෝරෙකු මමිකරණය කිරීමට ඊජිප්තු කෞතුකාගාරයක විශේෂඥයින් පිරිසක් පියවර ගෙන තිබෙනවා.

Hurghada නිවාඩු නිකේතනයක් ආශ්‍රිත මුහුදේ දී 23 හැවිරිදි වියේ පසු වූ Vladimir Popov නම් අයෙකු මෙලෙස මෝරාගේ ග්‍රහණයට ලක්ව තිබුණා.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් කැමරාවක පටිගත වී තිබූ අතර මෝරා විසින් ඔහුව දිය යටට ඇදගෙන යාමට පෙර වියරුවෙන් සාගරයේ සැරිසරන ආකාරය එහි දැක්වුණා.

Vladimir Popov ගේ සිරුරේ ඇතැම් කොටස් මෝරාගේ උදරයේ තිබී සොයාගැනුණු අතර ශරීරයේ ඉතිරි කොටස් ධීවරයින් විසින් සොයාගෙන තිබුණා.

ඊජිප්තුවේ සමුද්‍ර විද්‍යා ආයතනයේ සහ රතු මුහුදේ විශේෂඥයින් එම මෝරා එම්බාම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එම ක්‍රියාවලිය අවසන් වූ පසු එරට මමීකෘත මෝරා ආයතන කෞතුකාගාරයේ එය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

Share This