රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිව් දෙනෙකු මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිව් දෙනෙකු මරුට

මධ්‍යම යුක්‍රේන නගරයක් වන ඩිනිප්‍රෝ වෙත එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ප්‍රහාරයෙන් පසු අවන්හල් සංකීර්ණයක් සහ නේවාසික ගොඩනැගිලි කිහිපයක් ගිනි ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

මේ අතර, බටහිර බෙල්ගොරොඩ් කලාපයට ඉහළින් යුක්‍රේන ඩ්‍රෝන තුනක් වෙඩි තබා බිම හෙළා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා

Share This