රුසියානු තෙල් බැරලයක මිල අද සිට සීමා කෙරේ

රුසියානු තෙල් බැරලයක මිල අද සිට සීමා කෙරේ

රුසියානු තෙල් බැරලයක මිල ඩොලර් 60 (පවුම් 49) දක්වා සීමා කිරීමට අද (05) සිට තීරණය කර තිබෙනවා

මේ තීරණය G7 සමුළුව නියෝජනය කරන රාජ්‍ය නායකයින් විසින් එකඟතාවයකට පැමිණීමෙන් පසු ගත් එකක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මෙම පියවර නිසා රුසියාවේ ආර්ථිකයටද බලපෑමක් එල්ලවිය හැකි බවයි සඳහන් වන්නේ

රුසියාව සෞදි අරාබියට පසු ලෝකයේ දෙවන බොරතෙල් නිෂ්පාදකයා වන අතර යුරෝපයේ තෙල් අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් පමණ සපයන්නේ රුසියාව බවද පැවසෙනවා

එමෙන්ම මෙම මිල සීමාව පිළිනොගන්නා බව රුසියාව පවසා ඇති අතර, එම පියවර අනුගමනය කරන රටවලට තෙල් අපනයනය කිරීම නතර කරන බවටද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මුහුදෙන් ආනයනය කරන රුසියානු බොරතෙල් සඳහා යුරෝපා සංගමය පුරා පැනවූ තහනම ද අද (05) සිට ක්‍රියාත්මක වනවා

Share This