රුසියානු දේශසීමාවේ දී ෂෙල් ප්‍රහාරවලින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රුසියානු දේශසීමාවේ දී ෂෙල් ප්‍රහාරවලින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රුසියානු දේශසීමාවේ Belgorod ප්‍රදේශයේදී ෂෙල් ප්‍රහාරවලින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා

ආණ්ඩුකාර Vyacheslav Gladkov පැවසුවේ මියගිය අය Maslova Pristan ගම්මානය අසල මෝටර් රථයක ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

යුක්‍රේන බලධාරීන් මෙතෙක් මේ පිළිබඳව අදහස් දක්වා නොමැති බව ද විදෙස් මාධ්‍ය පවසනවා

මෝටර් රථයක ගමන් කරමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

දේශ සීමාව තුළ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාව යුක්‍රේනයට චෝදනා කර තිබෙනවා

Share This