රුසියානු දේශසීමා ආසන්නයේ තවත් ප්‍රහාරයක්

රුසියානු දේශසීමා ආසන්නයේ තවත් ප්‍රහාරයක්

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයේ මහල් 12 ක නේවාසික ගොඩනැගිල්ලකට පහර දීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම ඊසානදිග යුක්‍රේනයේ කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියක එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාර වැළැක්වීම සඳහා රුසියාව තුළ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසන ලෙස ජනාධිපති Volodymyr Zelensky යුක්‍රේනයේ සියලුම ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ඉල්ලා තිබෙන බව සඳහන්.

එමෙන්ම මොස්කව් හමුදාව පසුගිය සතිය තුළ යුක්‍රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This