රුසියානු ප්‍රහාරවලින් පසු යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් පොරොන්දු වෙයි

රුසියානු ප්‍රහාරවලින් පසු යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් පොරොන්දු වෙයි

රුසියානු මිසයිල ප්‍රහාර මාලාවකින් පසු නේටෝ සංවිධානය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයේ කියෙව් වෙත ගුවන් ආරක්ෂක අවි ලබා දෙන බව නිවේදනය කර තිබෙනවා.

එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය විසින් පොරොන්දු වූ ආයුධවලට මිසයිල සහ රේඩාර් ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

මීට පෙර එක්සත් ජනපදය ද එවැනිම පොරොන්දුවක් ලබා දී ඇති අතර ජර්මනියේ එක් අධි තාක්ෂණික පද්ධතියක් දැනටමත් යුක්‍රේනයේ පවතින බවද වාර්තා වනවා.

රටවල් 50 ක යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින් විසින් බ්‍රසල්ස්හි නේටෝ මූලස්ථානයේදී යුක්‍රේන ජනපති හමුවූ අවස්ථාවේදී මෙම ප්‍රතිඥා ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

තොරතුරු රැස් කිරීම සහ සැපයුම් හැකියාවන් සඳහා සහාය වීමට එක්සත් රාජධානිය ගුවන් ආරක්ෂක මිසයිල මෙන්ම ගුවන් ඩ්‍රෝන සිය ගණනක් අතරට කාලතුවක්කු 18 ක් ද ලබා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කර තිබෙන්නේ යුක්‍රේනයට ගුවන් ආරක්ෂක පද්ධති සපයන බවයි.

නෙදර්ලන්තය යුරෝ මිලියන 15 වටිනා ගුවන් ආරක්ෂක මිසයිල ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා

මේ අතර ලන්දේසි ආරක්ෂක අමාත්‍ය Kajsa Ollongren පවසා තිබෙන්නේ රුසියානු ප්‍රහාරයට මුහුණ දිය හැක්කේ යුක්‍රේනයට සහ එහි ජනතාවට ලැබෙන නොනවතින සහයෝගයෙන් පමණක් බවයි.

කැනඩාව චන්ද්‍රිකා සන්නිවේදන සහ ඩ්‍රෝන් කැමරා ඇතුළුව හමුදා ආධාර ලබා දීමට පොරොන්දු වී තිබෙනවා

යුක්‍රේනයට මිසයිල 100කට වැඩි ප්‍රමාණයක් එල්ල කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබුණේ එම ප්‍රහාර රුසියාව සහ ක්‍රිමියාව යා කරන ප්‍රධාන පාලමකට එල්ල වූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස කළ එකක් බවයි .

Share This