රුසියානු ප්‍රහාරවලින් පසු කියෙව් අගනුවර 270,000කට විදුලිය නෑ -40%කට ජලය නෑ

රුසියානු ප්‍රහාරවලින් පසු කියෙව් අගනුවර 270,000කට විදුලිය නෑ -40%කට ජලය නෑ

රුසියානු මිසයිල රට පුරා ප්‍රධාන පහසුකම්වලට පහර දීමෙන් පසු යුක්‍රේන අගනුවර වන කියෙව්හි ජනතාවට ජලය ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටීමට සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

කියෙව් නගරයේ නගරාධිපති Vitaliy Klitschko පාරිභෝගිකයින්ගෙන් 40%ක් ජලය නොමැතිව සිටින බවත් නිවාස 270,000කට විදුලිය නොමැති බවත් පවසා තිබෙනවා.

එමෙන්ම රටපුරා එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේනය සඳහන් කරනවා

මේ අතර යුක්‍රේනයේ හමුදා පාලනය සහ බලශක්ති පද්ධති ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවත්, සියලු ඉලක්කවලට පහර දුන් බවත් රුසියාව සඳහන් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

සති අන්තයේ රුසියානු යුද නෞකාවකට එල්ල වූ ප්‍රහාරයට අර්ධ වශයෙන් ප්‍රතිචාර දැක්වීමක් ලෙස යුක්‍රේනයට ප්‍රහාර එල්ල කළ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරනවා

ජනාධිපති Volodymyr Zelensky අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරන ලෙස යුක්‍රේනියානුවන්ගෙන් ඉල්ලා ඇති බවද සඳහන් වනවා

Share This