රුසියානු ප්‍රහාර හමුවේ කෙර්සන් නගරය හැර යන යුක්‍රේනියානුවන්

රුසියානු ප්‍රහාර හමුවේ කෙර්සන් නගරය හැර යන යුක්‍රේනියානුවන්

රුසියාවෙන් එල්ලවන ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් කෙර්සන් නගරයෙන් පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

නත්තල් දිනයේ සිට කෙර්සන් නගරය හැර ගිය පිරිස 400 කට වැඩි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

නත්තල් සැන්දෑවේ ජනතාව යුක්‍රේන ධජ ලෙලවමින් රැස්ව සිටි ස්ථානයකට ආසන්නව එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් එකොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලැබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එදින කෙර්සන් නගරයට 41 වතාවක් මෝටාර් ප්‍රහාර එල්ල වූ බව යුක්‍රේන රජය පවසා තිබෙනවා

Share This