රුසියානු ප්‍රහාර එල්ලවෙද්දීත් අහිංසක සතුන් දෙදෙනෙක් නිසා රටින් පිට නොවූ මිනිසෙක්
යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ ඉන්දියානු වෛද්‍යවරයකු ඔහුගේ සුරතල් සතුන් දෙදෙනෙක් සමග (black panther and a jaguar) සමඟ නිවසේ පහළම මාලයක සිරවී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මීට මාස 20 කට පමණ පෙර Kyiv සත්වෝද්‍යානයෙන් සුරතල් සතුන් දෙදෙනා මිලදී ගත් ගිරිකුමාර් පටිල් නම් මෙම වෛද්‍යවරයා පවසන්නේ තම සුරතල් සතුන් නොමැතිව නිවසින් පිටව නොයන බවයි.
ඔහු නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ පිහිටි කුඩා නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් හි වසර හයකට වැඩි කාලයක් ජීවත් වී ඇති බවයි පැවසෙන්නේ
යුද්ධය ආරම්භ වීමෙන් පසු,ගිරි මහතා තම සතුන්ට ආහාර මිලදී ගැනීම සඳහා පමණක් තම පටු බිම් මහලෙන් පිටතට පැමිණ තිබෙන බව සඳහන්
“දැන් මම යුද කලාපයක සිරවෙලා ඇත්තටම කනස්සල්ලටත් පත්වෙලා . මගේ දෙමාපියන් මට කතා කර ගෙදර එන ලෙස ඉල්ලා සිටිනවා නමුත් මට සතුන් දාලා යන්න බැහැ,” යනුවෙන් පටිල් මහතා පවසනවා
වෛද්‍ය විද්‍යාව හැදෑරීමට 2007 දී යුක්රේනයට පැමිණි බව පටිල් මහතා සඳහන් කරන අතර 2014 වසරේ සිට ඔහු විකලාංග වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා
දැන් යුද්ධය ආරම්භ වීමෙන් පසු වසා දැමූ සෙවරොඩොනෙට්ස්ක් හි රජයේ රෝහලක සේවය කරන බවයි වැඩිදුරටත් පවසන්නේ