රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 7ක් මරුට

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 7ක් මරුට

රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 67 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

රුසියාව විසින් මිසයිල දෙකක් එල්ල කර ඇති අතර මේ හේතුවෙන් නේවාසික ගොඩනැගිලි, හෝටලයක්, ආහාර සැපයුම් ආයතන, සාප්පු සහ පරිපාලන ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බව සඳහන්.

ප්‍රහාරයෙන් යුක්‍රේනයේ පොක්‍රොව්ස්ක් (Pokrovsk) නගරයට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This