රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 10ක් මරුට

රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 10ක් මරුට

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ මිය ගොස් තවත් 15කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

යුක්‍රේන ගුවන් හමුදාවේ ප්‍රකාශක යූරි ඉග්නාට් (Yuriy Ignat) පැවසුවේ රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර දියත් කළ බවත් පසුව මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි

මෙම ප්‍රහාරවලින් Kyiv හි ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

එමෙන්ම Kyiv නගරාධිපති Vitali Klitschko පැවසුවේ අගනුවර ගුවන් ආරක්ෂක අංශ දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර පුද්ගලයින් හත් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

Share This