රුසියානු මිසයිල 13ක් එක රැයකින් බිම හෙලූ බවට යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

රුසියානු මිසයිල 13ක් එක රැයකින් බිම හෙලූ බවට යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

රුසියානු හමුදා විසින් එක රැයකදී එල්ල කළ කෲස් මිසයිල 13 ක් බිම හෙළූ බව යුක්‍රේනය අද (23) ප්‍රකාශ කළා

මෙම ප්‍රහාර එල්ල කර තිබුණේ යුක්‍රේනයට බටහිර දෙසින් පිහිටි Khmelnytskyi කලාපයේ හමුදා ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමිනුයි

ඒ අනුව මෙම මිසයිල දියත් කිරීම් මධ්‍යම රාත්‍රියේදී කැස්පියන් මුහුදේ සිට Tu-95MS බෝම්බ හෙලන යානා හතරකින් සිදු කර ඇති බව සඳහන්

කෙසේ වෙතත් රුසියාව ශීත ඍතුවේ දී කෲස් මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා සමඟ ගුවන් ප්‍රහාර දියත් කළ අතර, කියෙව් සිය ගුවන් ආරක්ෂක පද්ධති ශක්තිමත් කරන ලෙස තම බටහිර මිත්‍ර පාර්ශ්වවලින් ආයාචනා කළා

Share This