රුසියානු – යුක්‍රේන දේශසීමාවේ දී දුම්රියක් පීලි පනී

රුසියානු – යුක්‍රේන දේශසීමාවේ දී දුම්රියක් පීලි පනී

රුසියානු – යුක්‍රේන දේශසීමා ප්‍රදේශයක් වන Bryansk හිදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

යුක්‍රේනයේ සිට කිලෝමීටර 60 ක් දුරින් පිහිටි ප්‍රදේශයක දී දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් දුම්රියේ එන්ජිම ගිනි ගැනීමට ලක්ව ඇති අතර අනතුරුව දුම්රිය මැදිරි 7 ක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

පීලි පැනීමට ලක්ව ඇත්තේ ඉන්ධන නිෂ්පාදන හා දැව ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් බව සඳහන්.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් කිසිවෙකුටවත් තුවාල සිදුව නැහැ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ දිනයේ සිට යුක්‍රේනයට සහ බෙලරුසියාවට මායිම්ව පිහිටි කලාපයේ නිරන්තරයෙන් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන බව සඳහන්.

වයඹදිග රුසියාවේ Leningrad ප්‍රදේශයට එල්ල වූ සැකසහිත පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියක් ද විනාශයට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් විදුලි සැපයුමට ඉන් බාධාවක් එල්ල වී නොමැති අතර සැකසහිත තවත් උපකරණයක් ද නිෂ්ක්‍රීය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This