රුසියානු -යුක්‍රේන යුද ගැටුම් ගැන කතා කළ බ්‍රසීල ජනාධිපතිට, දැඩි විවේචන

රුසියානු -යුක්‍රේන යුද ගැටුම් ගැන කතා කළ බ්‍රසීල ජනාධිපතිට, දැඩි විවේචන

බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silvaව ධවල මන්දිරය විසින් දැඩි ලෙස විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

යුක්‍රේනයේ යුද්ධය “දිරිමත්” කරන බවට එක්සත් ජනපදයට චෝදනා කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය විසින් බ්‍රසීල ජනාධිපතිවරයාව මෙලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

සති අන්තයේ චීනයේ සංචාරයකින් පසු බ්‍රසීලයේ ජනාධිපතිවරයා පවසා තිබුණේ ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය යුද්ධය දිරිමත් කිරීම නතර කර සාමය ගැන කතා කිරීම ආරම්භ කළ යුතු බවයි.

බ්‍රසීලයේ සංචාරයක නිරත වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද එරට ජනාධිපති Luiz Inacio Lula da Silva හමුවී බ්‍රසීලයේ මෙම ප්‍රයත්නයට ස්තූතිය පුද කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This