රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ තිදෙනෙක් මරුට

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ තිදෙනෙක් මරුට

නැගෙනහිර යුක්‍රේනයේ ලයිමන් නගරය ආසන්නයේ දී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු පවසා තිබෙනවා.

Torske සහ Zakitne ගම්මානවලට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මෙලෙස මිය ගොස් ඇති අතර ප්‍රහාරය එල්ලවන විට Torske ප්‍රදේශයේ  ඔවුන් සිට ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් වරාය නගරයේ පිපිරීම්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This