රුසියානු හමුදා කසකස්තානයට ගොඩ බසී (VIDEO)

රුසියානු හමුදා කසකස්තානයට ගොඩ බසී (VIDEO)

කසකස්තානයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුසියානු ප්‍රමුඛ හමුදා කසකස්තානයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කසකස්තානයට පැමිණි විදේශීය හමුදාවේ සොල්දාදුවන් 2,500 ක් පමණ සිටින බව වාර්තා වන අතර  මොවුන් රාජ්‍ය සහ හමුදා ස්ථාන ආරක්ෂා කරනු ඇති බවයි පැවසෙන්නේ

ඔවුන් දින කිහිපයක් හෝ සති කිහිපයක් රට තුළ රැඳී සිටිනු ඇති බව රුසියානු RIA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබෙනවා

ඉන්ධන මිල ඉහල දැමීමත් සමග දින කිහිපයක් තිස්සේ පවතින නොසන්සුන්තාවයෙන් පොලීසියේ සහ විරෝධතාකරුවන් රැසක් මිය ගිය බව නිලධාරීන් වාර්තා කර තිබෙනවා .

මේ අතර එක්සත් ජාතීන්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස ඉල්ලා තිබෙන බවද සඳහන් පැත්තකින්ම ඉල්ලා ඇත.

කසකස්තානයේ  අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ  විරෝධතාකරුවන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 3,000 කට වැඩි පිරිසක් බලධාරීන් විසින් රඳවාගෙන ඇති බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 18 දෙනෙකු පමණ මියගොස් තවත් 748 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

එරට ජනාධිපති Kassym-Jomart Tokayev අද (07) දිනයේ ජාතිය ඇමතීමට අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ රුසියානු හමුදා යෙදවීම පිළිබඳව තමන් සමීපව නිරීක්ෂණය කරන බවයි

මේ අතර කසකස්තානයට පැමිණ සිටින සංචාරකයින් ඉන් පිටවීමට නොහැකිව දැඩි අසීරුතාවයන්ට ලක්ව සිටින බවද වාර්තා වනවා

අල්මාටි ගුවන් තොටුපළෙන් පිටත් වීමට නොහැකි වූ මොස්කව් වෙත පැමිණි එයාර් ඇස්ටානා ගුවන් යානයක මගීන් කසකස්තානයේ අල්මාටි හි ගුවන් තොටුපළ පර්යන්තය තුළ සිටිනු දක්නට ලැබෙන බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ

Share This