රුසියානු හමුදා පළවා හරින්න ඇමරිකාවෙන් යුක්රේනයට ලැබුණු විශේෂිත අවිය
ඇමරිකාවෙන් යුක්රේනයට ලබා දුන් ආයුධ තිබීම රුසියාවේ හමුදාවන්ට බියක් ඇති කිරීමට හේතුවී තිබෙන බව යුක්රේන හමුදාව පවසනවා.
ඇමරිකාවෙන් එලෙසින් ලබා දුන් ආයුධයක් වන උරහිස් මත රඳවා තබා ගන්නා යුද ටැංකි නාශක අවිය කිලෝමීටර් 4ක් (සැතපුම් 2.5) පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත වෙඩි තැබීමට සමත් ආයුධයක් බවයි යුක්රේන හමුදා ප්‍රකාශයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
ඒ අනුව තවත් මෙවැනි මිසයිල 2,000 ක් ඇමෙරිකාවෙන් ලබා ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඩොලර් මිලියන 800 (පවුම් මිලියන 608) මිලිටරි ආධාර පැකේජයක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා
එම ආධාර තොගය තුළ එක්සත් ජනපදය විසින් යුක්රේනයට පොරොන්දු වූ පරිදි මෙම මිසයිලද අයත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
අනෙකුත් ආයුධ අතර පියාසර බෝම්බ බවට පත් කළ හැකි ඩ්‍රෝන යානා සහ අහසේ සිට හෙලිකොප්ටර්වලට වෙඩි තැබිය හැකි ගුවන් යානා නාශක අවි ඇතුළත් වන බවද සඳහන්