රුසියානු හමුදා යුක්‍රේනයේ දේශසීමා දෙසට ළං වන බවට වාර්තා

රුසියානු හමුදා යුක්‍රේනයේ දේශසීමා දෙසට ළං වන බවට වාර්තා

රුසියානු හමුදා යුක්‍රේනයේ දේශසීමා දෙසට ළං වන බවට වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එමෙන්ම රුසියාවේ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවධාරණය කර තිබෙනවා.

“රුසියානු ආක්‍රමණයක ආරම්භය” ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු රුසියානු ජනපති  පුටින්  පවසා තිබෙන්නේ රුසියාව සැමවිටම “සෘජු හා අවංක සංවාදයක් සඳහා විවෘත” බවත් හමුදාව කෙරෙහි තමාට පූර්ණ විශ්වාසයක් තිබෙන බවත්ය.

බටහිර රටවල්වල නායකයින් රුසියානුවන්ගේ අවශ්‍යතා මත සම්බාධක රාශියක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර යුක්‍රේනයේ යුද තර්ජනය “මගේ හදවතේ දැඩි වේදනාවක්” ඇති කළ බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු හමුදා තවමත් යුක්‍රේන දේශසීමා හරහා පැමිණ තිබේද යන්න තවමත් පැහැදිලි නැති බවත් එක්සත් ජනපද චන්ද්‍රිකා ඡායාරූප මගින් බටහිර රුසියාවේ නව හමුදා සහ උපකරණ යෙදවීම් කිහිපයක් දැකගත හැකි බවත් සඳහන්

එමෙන්ම යුක්‍රේනයේ දේශසීමාව අසල බෙලාරුස් හි ගුවන් තොටුපලක වාහන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බව චන්ද්‍රිකා ඡායාරූප මගින් දැකගත හැකි බවයි පැවසෙන්නේ

 

Share This