රුසියාවට තවත් සම්බාධක පනවන්නැයි සෙලෙන්ස්කිගෙන් ඉල්ලීමක්

රුසියාවට තවත් සම්බාධක පනවන්නැයි සෙලෙන්ස්කිගෙන් ඉල්ලීමක්

යුක්‍රේනයට එල්ල වූ නවතම මිසයිල ප්‍රහාරවලින් පසු එයට ප්‍රතිචාර වශයෙන් රුසියාවට තවත් සම්බාධක පනවන ලෙස ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියානු මිසයිල ප්‍රහාර යුක්‍රේනයේ රට පුරා බොහෝ ප්‍රදේශවලට පහර දීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

රුසියාවට දේශපාලනමය පීඩනය වැඩි කිරීමටත්, යුක්‍රේනයට සහාය දැක්වීමට නව ක්‍රම සොයා ගන්නා ලෙසත් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා තිබෙනවා

ඒ අනුව කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල්වල් මූල්‍ය, මානුෂීය, මිලිටරි, රාජ්‍යතාන්ත්‍රික සහ නෛතික සහය දිගටම ලබා දීමට පොරොන්දු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ රුසියාව ක්‍රිමියාවට යා කරන ප්‍රධාන පාලමක් මත සෙනසුරාදා සිදුවූ පිපිරීමට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

පෙබරවාරි මාසයේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බටහිර රටවල් දැනටමත් රුසියානු ව්‍යාපාරවලට මෙන්ම ජනාධිපති පුටින්ගේ අනුගාමිකයින්ට එරෙහිව පුළුල් සම්බාධක පනවනු ලැබුවා.

එමෙන්ම එක්සත් ජනපදය රුසියාවේ සියලුම තෙල් සහ ගෑස් ආනයනය තහනම් කර ඇති අතර, යුරෝපා සංගමය එසේ කිරීමට අකමැති වී ඇත්තේ එහි ගෑස් අවශ්‍යතාවයෙන් 40% ක් පමණ රුසියාව මත රඳා පවතින බැවින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

Share This