රුසියාව,යුක්‍රේනයට මිසයිල 50කට වැඩි ප්‍රමාණයක් එල්ල කරයි

රුසියාව,යුක්‍රේනයට මිසයිල 50කට වැඩි ප්‍රමාණයක් එල්ල කරයි

රුසියාව, කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේනය පුරා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මිසයිල 50 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ප්‍රහාරවලින් විදුලිය හා ජලය ඇණහිට ඇති බවද යුක්‍රේනය සඳහන් කරනවා

කියෙව්හි අවම වශයෙන් පිපිරීම් දෙකක් වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයේ විදුලිය නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊසානදිග කාර්කිව් නගරයේ බලශක්ති පහසුකම්වලටද පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම ප්‍රහාර එල්ල වන්නේ රුසියාව ඈඳාගත් ක්‍රිමියාවේ බලඇණියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට යුක්‍රේනයට චෝදනා කිරීමෙන් පසුවයි

මධ්‍යම Vinnytsia කලාපයේ මෙන්ම ගිනිකොන දෙසින් පිහිටි Dnipropetrovsk සහ Zaporizhzhia සහ බටහිර යුක්‍රේනයේ Lviv හි ද මිසයිල ප්‍රහාර වාර්තා වී තිබෙනවා

Zaporizhzhia කලාපයේ Dnipro ජල විදුලි බලාගාරයේ පහසුකමකට ද පහර වැදී ඇති බව වාර්තා වනවා

Kyiv හි, මහල් නිවාස 350,000 ක් බලගන්වන පහසුකමකට හානි සිදුවී ඇති අතර, සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ඉංජිනේරුවන් වහා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජීවිත හානි සිදුවූයේ දැයි තවම අනාවරණය වී නැහැ .

රුසියාවෙන් දියත් කළ මිසයිල 50කට වැඩි සංඛ්‍යාවකින් 44ක්ම බිම හෙළා ඇති බව යුක්‍රේන හමුදාව පසුව ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba ප්‍රකාශ කර තිබෙන්නේ “යුද බිමේ සටන් කරනවා වෙනුවට රුසියාව සිවිල් වැසියන් සමග සටන් කරන” බවයි.

රුසියාව පසුගිය සති කිහිපය තුළ මාරාන්තික මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති අතර, යුක්‍රේනයේ බලාගාර සහ අනෙකුත් බලශක්ති උත්පාදන පහසුකම්වලින් තුනෙන් එකක් පමණ විනාශ කර ඇති බවද වාර්තා වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනය සහ එහි බටහිර රටවල නායකයින් සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම යුද අපරාධවලට සමාන බව ද පවසා තිබෙනවා

Share This