රුසියාවෙන් ඔඩේසා වෙත ඩ්‍රෝන ප්‍රහාර

රුසියාවෙන් ඔඩේසා වෙත ඩ්‍රෝන ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයේ ඔඩේසා කලාපයට පැය තුන හමාරක පමණ කාලයක් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් Danube වරායේ යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 25ක් ඔඩේසා වෙත එල්ල කර ඇති අතර ඉන් 22ක් ව්‍යර්ථ කිරීමට සමත් වූ බව යුක්‍රේන ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

Share This