රුසියාවෙන්  දුම්රිය ස්ථානයකට රොකට් ප්‍රහාරයක් -30කට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙයි

රුසියාවෙන් දුම්රිය ස්ථානයකට රොකට් ප්‍රහාරයක් -30කට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙයි

යුක්‍රේනයේ නැගෙනහිර දෙසින් පිහිටි ක්‍රමටෝර්ස්ක් දුම්රිය ස්ථානයට එල්ල වූ රුසියානු රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඩොනෙට්ස්ක් ආණ්ඩුකාරවරයා පවසන්නේ එම අවස්ථාවේ දහස් ගණනක් ජනයා එහි සිටි බවත්, එම ප්‍රදේශයෙන් පිටතට දුම්රියට ගමන් කිරීමට  උත්සාහ කළ බවත්ය.

යුක්‍රේනයේ දුම්රිය ප්‍රධානියා පවසන්නේ රොකට් දෙකක් දුම්රිය ස්ථානයට වැදී ඇති බවයි.

ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ පදිංචිකරුවන් යුක්‍රේනයේ ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කරමින් සිටින බැවින් දහස් ගණනක් ජනතාව එම අවස්ථාවේ දුම්රිය ස්ථානයේ සිටි බවයි සඳහන් වන්නේ

Share This