රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් – 12 දෙනෙකු මරුට

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් – 12 දෙනෙකු මරුට

රුසියානු හමුදා යුක්‍රේනයේ නගරවලට එක රැයකින් ඩ්‍රෝන යානා සහ මිසයිල 367 ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 60 දෙනෙකු තුවාල සිදුව ඇති බව සඳහන්

යුක්‍රේනයේ ගුවන් හමුදාව පැවසුවේ රුසියාව සිය රාත්‍රී ප්‍රහාරයේදී ඩ්‍රෝන යානා 298 ක් සහ මිසයිල 69 ක් දියත් කළ නමුත් ඩ්‍රෝන යානා 266 ක් සහ මිසයිල 45 ක් බිම දැමීමට සමත් වූ බවයි

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් මෙන්ම දකුණේ මයිකොලයිව් සහ බටහිරින් ටර්නොපිල් ඇතුළු කලාපීය මධ්‍යස්ථාන රැසකට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This