රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර දිගටම

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර දිගටම

දිගින් දිගටම රුසියාවෙන් එල්ලවන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර නිසා කියෙව්හි ගුවන් ප්‍රහාර සයිරන් නාද වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර ආරම්භ වූ මෙම ප්‍රහාරයන් යටිතල පහසුකම් ඉලක්ක කර ගත් බවයි කියෙව් ප්‍රාදේශීය ආණ්ඩුකාර ඔලෙක්සි කුලේබා පවසා තිබෙන්නේ .

විනාශ වූ රුසියානු ඩ්‍රෝන යානයක සුන්බුන් හේතුවෙන් කියෙව්හි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව අගනුවර නගරාධිපතිවරයා සඳහන් කර තිබෙනවා

මේ අතර රුසියාව විසින් අත්පත් කරගෙන සිටින ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ, Makiivka හි අලුත් අවුරුදු උදාවේදී රුසියානු සොල්දාදුවන් 400 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන සන්නද්ධ හමුදාවන් සඳහන් කරනවා

නමුත් රුසියාව මරණ සංඛ්‍යාව තහවුරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This