රුසියාවෙන් යුක්‍රේනයට ෂෙල් වෙඩි ප්‍රහාර – එක්සත් ජනපදයෙන් යුක්‍රේනයට නව ආධාර ලබාදීමට අනුමැතිය

රුසියාවෙන් යුක්‍රේනයට ෂෙල් වෙඩි ප්‍රහාර – එක්සත් ජනපදයෙන් යුක්‍රේනයට නව ආධාර ලබාදීමට අනුමැතිය

දකුණු යුක්‍රේනයේ කෙර්සන් නගරයේදී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම යුක්‍රේන මිසයිලයක් සහ ඩ්‍රෝන යානා දෙකක් රුසියාව විසින් අත්පත් කරගෙන සිටින ක්‍රිමියාවේ වෙරළ ආසන්නයේදී වෙඩි තබා බිම හෙළා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා

මේ අතර යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැති Chornomorsk මුහුදු වරායෙන් ධාන්‍ය පටවාගත් දෙවන භාණ්ඩ යාත්‍රාව පිටත් වීම තහවුරු කර ඇති බවයි පැවසෙන්නේ

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මේ වනවිට කැනඩාවට පැමිණ ඇති අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු ඔහු එහි ගිය පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී යුක්‍රේන ජනාධිපතිවරයා රුසියානු ආක්‍රමණයට එරෙහිව එක්සත් වන ලෙස අනෙක් රටවල්වලින් ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

ජනාධිපති ජෝ බයිඩන් හමුවිමෙන් පසු යුක්‍රේනයට අරමුදල් සඳහා ඩොලර් මිලියන 325 අනුමත කරනු ලැබුවත් මෙම නව එක්සත් ජනපද ආධාර වාරිකයට ජනාධිපති සෙලෙන්ස්කි ඉල්ලා සිටි දිගු දුර මිසයිල ඇතුළත්ව නැති බවද සඳහන්

යුක්‍රේන ධාන්‍ය ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි පෝලන්තය, ස්ලෝවැකියාව සහ හංගේරියාව විවේචනය කිරීමෙන් පසු තවදුරටත් ආයුධ සහ පතොරම් නොයවන බවත් කලින් එකඟ වූ ධාන්‍ය බෙදාහැරීම දිගටම කරගෙන යන බවත් පෝලන්තය පවසනවා

Share This