රුසියාවේ ආරක්ෂක ගොඩනැගිල්ලක ගින්නක්

රුසියාවේ ආරක්ෂක ගොඩනැගිල්ලක ගින්නක්

රුසියාවේ දකුණු රොස්තොව් Rostov-on-Don ප්‍රදේශයේ ආරක්ෂක ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.

එරට ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) විසින් දකුණු රොස්තොව් Rostov-on-Don නගරයේ භාවිතා කරන ගොඩනැගිල්ලකයි මෙලෙස ගින්න හට ගෙන ඇත්තේ

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල ගින්නක් ගොඩනැගිල්ලේ ඉහළ කොටසේ ඇති අතර නගරය පුරා දුමාරයක් දිස්වන බවයි.

ගින්නට පෙර විශාල පිපිරුම් හඬක් ද එම ගොඩනැගිල්ලෙන් ඇසුණු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ

FSB යනු රුසියාවේ අභ්‍යන්තර ආරක්ෂක සේවාව වන අතර දේශසීමා ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි කටයුතු සඳහා වගකිව යුතු අංශයක් වනවා

Share This