රුසියාවේ තෙල් ගබඩාවකට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහායකින් දැවන්ත ගින්නක්

රුසියාවේ තෙල් ගබඩාවකට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහායකින් දැවන්ත ගින්නක්

රුසියාවේ කළු මුහුදේ පිහිටි සෝචි නිවාඩු නිකේතනය අසල දැවැන්ත තෙල් ගබඩාවක ගින්නක් හටගෙන ඇති අතර, එයට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූවක් බවට රුසියානු බලධාරීන් චෝදනා කරන බව බී.බී.සී. පවත් වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තා පවසන්නේ සෝචි අසල ගුවන් තොටුපළ ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි.

ක්‍රස්නෝඩර් කලාපයේ ආණ්ඩුකාර වෙනියාමින් කොන්ඩ්‍රාටියෙව් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඩ්‍රෝන සුන්බුන් ඉන්ධන ටැංකියකට වැදී ඇති බවත්, ගිනි නිවන භටයින් 127 දෙනෙකු ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර, රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ දකුණු නගරයක් වන මයිකොලයිව් හි නිවාස සහ සිවිල් යටිතල පහසුකම් විනාශ වී ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් චෝදනා කරනවා.

Share This