රුසියාවේ නාවික හමුදා මූලස්ථානයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

රුසියාවේ නාවික හමුදා මූලස්ථානයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

ක්‍රිමියාවේ පිහිටි රුසියාවේ කළු මුහුදේ නාවික හමුදා මූලස්ථානයට යුක්‍රේනය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ප්‍රහාරයෙන් එක් රුසියානු සෙබළෙකු මිය ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් රුසියානු නාවික හමුදාවේ ප්‍රබලතම මධ්‍යස්ථානයක් ලෙස සැළකෙන මෙය මෑතකදී යුක්‍රේනය විසින් එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් බව සඳහන්.

යුක්‍රේන වරායන් තුනකින් සිවිල් භාණ්ඩ නැව් වෙත ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසන ගිවිසුමෙන් මොස්කව් ඉවත් වීමෙන් පසු කළු මුහුදේ සහ ඒ අවට ප්‍රදේශවල යුක්‍රේන සහ රුසියානු ප්‍රහාර වැඩි වී තිබෙනවා

Share This