
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවූ භූ කම්පාවට හේතුව රුසියා ගිනිකන්දක් වසර 600 කට පසු ඇහැරීම
පසුගිය දා රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇති වූ රික්ටර මාපක 8.8 ක ප්‍රබල භූ කම්පනය වසර 600 කට පසු පළමු වරට කම්චැට්කා හි ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද එක රැයකින් පුපුරා යාම බලපාන්නට ඇතැයි රුසියාවේ RIA රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සහ විද්‍යාඥයින් අද(03) පැවසුවා.
ඔවුන් පැවසුවේ “මෙය වසර 600 කට පසු ක්‍රෂෙනිනිකොව් ගිනි කන්දේ ඓතිහාසිකව තහවුරු කරන ලද පළමු පිපිරීම” බව කම්චැට්කා ගිනිකඳු පිපිරීම් ප්‍රතිචාර කණ්ඩායමේ ප්‍රධානී ඔල්ගා ගිරිනා පැවසූ බව RIA උපුටා දක්වමින් සදහන් කළා.
ප්‍රංශ පොලිනීසියාව සහ චිලී දක්වා ඈතින් සුනාමි අනතුරු ඇඟවීම් ඇති කළ පසුගිය බදාදා (30) භූමිකම්පාවට මෙම පිපිරීම සම්බන්ධ විය හැකි බවත්, ඉන් පසුව කම්චැට්කා අර්ධද්වීපයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කන්ද වන ක්ලියුචෙව්ස්කෝයි පුපුරා යාමක් සිදු වූ බවත් ඇය පවසා තිබෙනවා.
ගිනිකඳු විද්‍යාව සහ භූ කම්පන විද්‍යා ආයතනයේ ටෙලිග්‍රෑම් නාලිකාවේ, ගිරිනා පැවසුවේ ක්‍රෂෙනිනිකොව් හි අවසන් ලාවා පිටවීම 1463 දී සිදු වූ බවයි – ඊට අමතරව වසර 40 ක මැත කාලයේ කිසිදු පිපිරීමක් සිදුවී නොමැති බව ද එම වාර්තා තහවුරු කරනවා.
රුසියාවේ හදිසි සේවා අමාත්‍යාංශයේ කම්චැට්කා ශාඛාව පැවසුවේ ගිනි කන්ද පුපුරා යාමෙන් පසු මීටර් 6,000 (සැතපුම් 3.7) ක් දක්වා අළු දුමාරයක් ඉහළ ගොස් ඇති බවයි.
ගිනි කන්ද මීටර් 1,856 ක උසකින් පිහිටා තිබෙනවා.
“අළු වලාකුළ නැගෙනහිර දෙසින් පෛහිටි, පැසිෆික් සාගරය දෙසට ඇදී ගොස් ඇතැයි වාර්තා වුණා.
අමාත්‍යාංශ වාර්තා පවසන්නේ එහි ගමන් මාර්ගයේ ජනාකීර්ණ ප්‍රදේශ නොමැති බවටයි.