රුසියාවේ ප්‍රධාන යුද ආධාරකරුවා ගැන අනාවරණයක්.

රුසියාවේ ප්‍රධාන යුද ආධාරකරුවා ගැන අනාවරණයක්.

ඉරානය රුසියාවේ ප්‍රධානතම යුද ආධාරකරුවා බවට පත්ව ඇති බව ඇමෙරිකාව පවසනවා.

අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ මේ වන විට රුසියාව සහ ඉරානය අතර දැඩි යුද සබඳතාවක් පවතින බවයි.

ඒ අනුව එම රටවල් එක්ව ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම පසුගියදා රුසියාව විසින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් ඩ්‍රෝන යානා ඉරානය විසින් නිෂ්පාදනය කර ඇති බවට වාර්තා පළ වුණා

කෙසේවෙතත් ඉරානය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර පසුව යුක්රේනය ආක්‍රමණයට පෙර තමන් ඇතැම් යුධ උපකරණ සැපයූ බවට පිළිගත්තා.

Share This