රුසියාවේ ප්‍රහාර ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

රුසියාවේ ප්‍රහාර ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

යුක්‍රේනය අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ලෙස රුසියාව දිගුකාලීන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කරන බව යුක්‍රේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා

ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් මොස්කව් ප්‍රහාර දියත් කරන බවට බුද්ධි අංශ වාර්තා තමන්ට ලැබී ඇති බව යුක්‍රේන ජනපති Volodymyr Zelensky ප්‍රකාශ කර තිබෙනවා

ඩොන්බාස් කලාපයේ සිටි රුසියානු සොල්දාදුවන් සිය ගණනක් මරා දැමූ බව යුක්‍රේනය ප්‍රකාශ කර ඇති අතර මේ පිළිබඳව රුසියාව පවසා තිබෙන්නේ මෙම ප්‍රහාරයෙන් තම භටයින් 63 දෙනෙකු මිය ගිය බවයි.

රුසියාව මාස කිහිපයක් තිස්සේ යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මිලියන ගණනක් ජනතාව ශීත ඍතුවේ දී දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවද සඳහන් වනවා

පසුගිය සඳුදා(01) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙන්නේ යුක්‍රේන හමුදා විසින් එක්සත් ජනපදයේ නිෂ්පාදිත Himars රොකට් පද්ධතිය භාවිතයෙන් රුසියානු හමුදා සිටින ගොඩනැගිල්ලකට රොකට් හයක් එල්ල කළ බවයි.

Share This