රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම භූ කම්පනය සිදු වී පැය 3 ක පමණ කාලයක් ඇතුළත පසු කම්පන 2 ක්ද වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This