රුසියාව ආයෙත් යුක්‍රේනයෙන් පලිගනී

රුසියාව ආයෙත් යුක්‍රේනයෙන් පලිගනී

රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡාවල දෙවන වටය තුර්කියේ ඉස්තාන්බුල්හිදී පැවැත්වීම්ට නියමිතව තිබූ පසුබිමක, රුසියාව යුක්‍රේනයේ සපොරිෂියා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් දැවැන්ත ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර මාලාවක් සිදුකර තිබෙනවා.

එල්ල කළ දරුණු ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර මාලාවකින් 5දෙනෙකුට දිවි අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය, යුක්‍රේනය රුසියාව වෙත එල්ල කල විශාලතම දිගු දුර ප්‍රහාරය වන Spider’s Web මෙහෙයුමට දැක්වූ සුලු ප්‍රතිචාරයක් බවත් බොහෝ පාර්ශ්ව පෙන්වා දෙනවා.

එම ප්‍රහාරයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 7ක පාඩුවක් රුසියාවට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This