රුසියාව එක්සත් ජනපදයට අනතුරු අඟවයි

රුසියාව එක්සත් ජනපදයට අනතුරු අඟවයි

යුක්‍රේනයට තවත් හමුදා ආධාර යැවීමට එක්සත් ජනපදය ගත් තීරණය පිළිබඳව රුසියාව සහ බටහිර රටවල් අතර සෘජු මිලිටරි ගැටුමක අන්තරාය වැඩි කරන බව පවසමින් එක්සත් ජනපදයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මීට පෙර, එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් මිලියන 625ක් මිලිටරි ආධාර ප්‍රකාශයට පත් කර තිබුණා

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කළ දා සිට වොෂින්ටනය කියෙව් සඳහා ඩොලර් බිලියන 17 කට ආසන්න මිලිටරි ආධාරයක් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

යුක්‍රේනය රුසියානුවන්ගෙන් Khersonහි දකුණු ගම්මාන නැවත අත්පත් කර ගෙන තිබෙන අතර මොස්කව් ද යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට උත්සාහයන් දරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේ වෙතත්, රුසියාව මේ වනවිට යුක්‍රේනයේ කිසිදු කලාපයක් සම්පූර්ණයෙන් පාලනය නොකරන බවද වාර්තා වනවා

Share This