රුසියාව දින දෙකක් තුළ යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් එල්ල කරයි

රුසියාව දින දෙකක් තුළ යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් එල්ල කරයි

දින දෙකක් තුළ රුසියාව යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එමෙන්ම සමස්තයක් වශයෙන් මිසයිල ප්‍රහාර 4,500ක් සහ ගුවන් ප්‍රහාර 8,000කට වැඩි ප්‍රමාණයක්ද සිදු කර ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඉරානය රුසියාවට ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බවට බටහිර රටවල් සඳහන් කරන නමුත් මොස්කව් සහ ටෙහෙරානය එය ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

රුසියානු ප්‍රහාර යුක්‍රේනයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ඇති අතර, රටේ විදුලිය හා ජල සැපයුමටද මෙමගින් හානි සිදුව තිබෙනවා

බටහිර රටවල් පවසන්නේ ඉරානය සිය දේශීයව සංවර්ධනය කරන ලද ඩ්‍රෝන යානා මොස්කව් වෙත සපයන බවයි

එමෙන්ම ගුවන් නියමුවන්ට තාක්ෂණික සහය ලබා දීම සඳහා ඉරාන හමුදා විශේෂඥයන් රුසියාව විසින් අල්ලාගෙන සිටින ක්‍රිමියාවේ සිටින බවත්ය.

Kyiv විසින් එහි යටිතල පහසුකම් වලට එල්ල කරන ලද ඇතැම් ප්‍රහාර සඳහා භාවිතා කරන ලද ඩ්‍රෝන යානා ඉරාන ෂාහෙඩ්-136 ඩ්‍රෝන ලෙස හඳුනාගෙන තිබෙනවා .

යුක්‍රේනය පවසන්නේ රුසියාව විසින් දැනටමත් ඩ්‍රෝන යානා 400 ක් පමණ මේ දක්වා භාවිතා කර ඇති අතර දළ වශයෙන් ආයුධ 2,000 ක් පමණ භාවිතා කර ඇති බවයි.

ටෙහෙරානය ක්‍රෙම්ලිනය සමග කිසිදු ආයුධ ගනුදෙනුවක් කර නැති බව නැවතත් ප්‍රතික්ෂේප කර ඇති අතර මොස්කව් ඉරාන ඩ්‍රෝන යානා භාවිතා කිරීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා

ඉරානයේ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් මෙම චෝදනා පදනම් විරහිත ලෙස හඳුන්වා ඇති අතර චෝදනාවලට සහාය දක්වන ඕනෑම සාක්ෂියක් ඉදිරිපත් කරන ලෙසද යුක්‍රේනයෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This