රුසියාව පෝලන්තයට ගෑස් සැපයීම නතර කරයි
රුසියාව පෝලන්තයට ගෑස් සැපයීම නතර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
රුසියානු බලශක්ති සමාගමක් වන Gazprom පෝලන්තයට සහ බල්ගේරියාවට සඳහන් කර තිබෙන්නේ දෙරටට ගෑස් යැවීම නතර කර ඇති බවයි.
මොස්කව් හිතකාමී රටවල්වලට ගෑස් සඳහා රුබල් වලින් ගෙවීම ආරම්භ කළ යුතු බව පැවසීමෙන් පසුව ගෑස් සැපයීම නතර කර ඇති බවයි පැවසෙන්නේ
පෝලන්තය පවසා තිබෙන්නේ වෙනත් මූලාශ්‍රවලින් ගෑස් ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි.
කෙසේවෙතත් රටවල් දෙකම රුබල් වලින් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
පෝලන්තයේ PGNiG සමාගම ගෑස් ආනයනවලින් රුසියාවේ Gazprom මත රඳා පවතින අතර මෙම වසරේ පළමු කාර්තුවේදී රුසියානු සමාගමෙන් එහි ආනයනවලින් 53% ක් මිලදී ගෙන ඇති බවද සඳහන්
ගෑස් ලබාදීම අත්හිටුවීම කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීමක් බවයි පෝලන්තය පවසන්නේ
ගෑස් සැපයුමෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා රුසියාවේ Gazprom මත යැපෙන බල්ගේරියාව විකල්ප ප්‍රභවයන් සොයා ගැනීමට පියවර ගෙන ඇති නමුත් දැනට ගෑස් පරිභෝජනයට කිසිදු සීමාවක් අවශ්‍ය නොවන බවද පවසා තිබෙනවා
Gazprom සමඟ පවතින වත්මන් ගිවිසුම යටතේ බල්ගේරියාව සිය වගකීම් ඉටු කර ඇති අතර අවශ්‍ය සියලුම ගෙවීම් සිදු කර ඇති බවද එරට බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
රුසියාව විසින් යෝජිත නව ගෙවීම් ක්‍රමය දැනට පවතින කොන්ත්‍රාත්තුවට පටහැනි බවද එහි වැඩිදුරටත් සඳහන් වන බවයි පැවසෙන්නේ