රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන නගරයකින් ඉවත්වෙයි

රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන නගරයකින් ඉවත්වෙයි

පෙබරවාරියේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව අල්ලා ගත් එකම ප්‍රාදේශීය අගනුවර වන කෙර්සන් නගරයෙන් ඉවත් වන ලෙස රුසියානු හමුදාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයේ රුසියානු අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජි සුරෝවිකින් පවසා තිබෙන්නේ කෙර්සන් නගරයට තවදුරටත් සැපයීම් කළ නොහැකි බවයි.

රුසියාව කෙර්සන් හැර යන බවට සතියක් පුරා වාර්තා සහ කටකතා පැතිර ගිය නමුත් යුක්‍රේන සොල්දාදුවන් පවසා තිබෙන්නේ සතුරා ඔවුන් උගුලකට ඇද ගැනීමට උත්සාහ කරන බවයි.

Share This