රුසියාව විසින් අත්පත් කරගත් Volnovakhaහි නිවසක සිටි කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු 9ක් මරුට

රුසියාව විසින් අත්පත් කරගත් Volnovakhaහි නිවසක සිටි කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු 9ක් මරුට

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්‍රේනයේ Volnovakha නගරයේ නිවසක් තුළ සිටි කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා

යුක්‍රේන බලධාරීන් පවසන්නේ රුසියානු සොල්දාදුවන්ට තම නිවස ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මුළු පවුලම මරා දැමූ බව විශ්වාස කරන බවයි.

රුසියානු විමර්ශකයින් පවසන්නේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රුසියානු සොල්දාදුවන් බව සඳහන්

ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුසියාව වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා .

යුක්‍රේන පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් නඩු පවරන්නන්ගේ කාර්යාලය, මූලික තොරතුරු උපුටා දක්වමින් සඳහන් කරන්නේ හමුදා නිල ඇඳුමින් පැමිණි ප්‍රහාරකයින් නිවසින් ඉවත් වන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පවුලේ අයට වෙඩි තබා මරා දැමූ බවයි

Share This