රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට 05 දෙනෙකුට චෝදනා

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට 05 දෙනෙකුට චෝදනා

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන බල්ගේරියානු පුද්ගලයින් පස් දෙනෙකුට ඔත්තු බැලීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේදී චෝදනා ගොනු කිරීමටනියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව Orlin Roussev, Bizer Dzhambazov, Katrin Ivanova, Ivan Stoyanov සහ Vanya Gaberova යන සැකකරුවන් Westminster මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව 2020 අගෝස්තු සහ 2023 පෙබරවාරි අතර සතුරෙකුට ප්‍රයෝජනවත් වන තොරතුරු රැස් කිරීමට කුමන්ත්‍රණය කළ බවට බල්ගේරියානු ජාතිකයින්ට චෝදනා එල්ල වී තිබුණා.

විත්තිකරුවන් රුසියානු ආරක්ෂක සේවා සඳහා මෙහෙයුම් ඔත්තු මැදිරියක සේවය කර ඇති බවට චෝදනා කර ඇති අතර මෙම කාර්යයට බ්‍රිතාන්‍යයේ අනාගත ඉලක්ක පිළිබඳ ඔත්තු ලබාදීම සිදුකර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

ඔවුන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ක්‍රියාකාරී මෙහෙයුම්වල වැඩ කිරීම සහ රුසියානු රාජ්‍යයට තොරතුරු රැස් කිරීම සහ ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව මෙම සැකකරුවන් 05 දෙනාට අධිකරණ තීන්දුවක් ලබා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This