රුසියාව සහ උතුරු කොරියාව ආයුධ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා

රුසියාව සහ උතුරු කොරියාව ආයුධ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා

රුසියාව සහ උතුරු කොරියාව විවිධ වර්ගයේ ආයුධ පද්ධති සඳහා සැලකිය යුතු පතොරම් සපයන ආයුධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සාකච්ඡා ක්‍රියාකාරීව ඉදිරියට ගෙන යන බව එක්සත් ජනපද ඔත්තු සේවා සඳහන් කරනවා

මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන් අතර ධාන්‍ය සැපයුම් පිළිබඳ රැස්වීම් පවත්වන බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා

මොස්කව්හි දී මෙම රැස්වීම් පවත්වන බවයි පැවසෙන්නේ

තවදුරටත් ක්‍රියාත්මක නොවන කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවට විකල්ප ක්‍රම පිළිබඳව අමාත්‍යවරුන් සාකච්ඡා කරනු ඇති බවයි රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This