රුසියාව සහ බෙලරුසියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයකට සූදානම්

රුසියාව සහ බෙලරුසියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයකට සූදානම්

යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා සිටීම පිළිබඳව අවධානය යොමු කරමින් රුසියාව සහ බෙලරුසියාව දින 10 ක ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

නේටෝ සංවිධානය පවසන්නේ මෙම ඒකාබද්ධ අභ්‍යාසය බෙලරුස් වෙත රුසියාවේ විශාලතම යෙදවීම සනිටුහන් කරන බවයි.

දේශසීමාවේ 100,000කට අධික භට පිරිසක් රැස්කර තිබියදී යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව පවසමින් රුසියාව නැවත නැවතත් එය ප්‍රතික්ෂේප කරනු ලබනවා.

නමුත් ඕනෑම අවස්ථාවක රුසියානු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් අනතුරු අඟවා තිබෙනවා.

බෙලරුසියාව සමඟ අභ්‍යාස සඳහා රුසියානු හමුදා 30,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Share This