රුසියාව G20 වෙතින් ඉවත් කිරීමේ සූදානමක්

රුසියාව G20 වෙතින් ඉවත් කිරීමේ සූදානමක්

එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් විසින් රුසියාව G20 වෙතින් ඉවත් කිරීමේ පියවරක් සලකා බලමින් සිටින බව එහි මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා

පෝලන්තය අඟහරුවාදා දිනයේ එක්සත් ජනපද නිලධාරීන්ට රුසියාව වෙනුවට ඔවුන්ව කණ්ඩායමට ඇතුළත් කරන ලෙස යෝජනා කළ බවත්, ඔවුන්ට “සාධනීය ප්‍රතිචාරයක්” ලැබුණු බවත් සඳහන් කර සිටිනවා .

මෙවැනි පියවරක් ගැනීම රුසියාවට පනවා ඇති ආර්ථික සම්බාධක වලටද දැඩිව බලපානු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කෙසේවෙතත්  චීනය, ඉන්දියාව සහ සෞදි අරාබිය ඇතුළු අනෙකුත් ප්‍රධාන G20 රටවල් විසින් රුසියාව G20 වෙතින් ඉවත් කිරීමේ පියවර පිළිබඳව සලකා බලනු ඇති බවයි පැවසෙන්නේ

G20 යනු දේශගුණික විපර්යාස සහ සංවර්ධනය ඇතුළු ගෝලීය ආර්ථිකයට බලපාන ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම අරමුණු කරගත් ලොව විශාලතම ආර්ථිකයන්ගේ සමූහයක් .

 

Share This