රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණයට පත් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ (වීඩියෝ)

රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණයට පත් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ (වීඩියෝ)

දශක 04 ක් පැරණි මෙරට රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණයට පත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් එහි සමාරම්භය ඊයේ (28) සිදු කෙරුණා.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්.

1981 වසරේ පෙබරවාරි මස මෙරටට රූපවාහිනියේ නව්‍ය අත්දැකීම රූපවාහිනී සංස්ථාව ආරම්භ කරමින් තිලිණ කළ ජපන් රජයේ අනුග්‍රහය මත මෙසේ ශ්‍රී ලාංකේය ඇනලොග් රූපවාහිනී විකාශ පද්ධතිය පූර්ණ ඩිජිටල්කරණයට යොමු කිරීමට නියමිත අතර, ඒ ඓතිහාසික මිතුදම සනිටුහන් කරමින් මෙරට ජපාන තානාපතිවරයා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වුණා.

මෙරට රූපවාහිනී ඩිජිටල්කරණය සඳහා මූලික පිඹුරුපත් සකස් කළ එවකට හිටපු ජනපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද මේ අවස්ථාවට නවීන තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වුණා.

රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය පණගැන්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී සුපසන් මාධ්‍ය භාවිතයක් පිළිබඳ තමාගේ මැදිහත්වීම සපථ කළා.

 

Share This