රෝගියෙකුට ඌරෙකුගේ හදවතක් බද්ධ කරයි
එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් විසින් ඌරෙකුගේ හදවතක් රෝගියෙකුට බද්ධ කර ඇති අතර, ඔහු ශල්‍යකර්මයෙන් පසු හොඳින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පැවසුවේ බද්ධ කිරීම මගින් ජානමය වශයෙන් වෙනස් කරන ලද සතෙකුගේ හදවතක් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මිනිස් සිරුරක ක්‍රියා කළ හැකි බව මෙමගින් පෙන්නුම් කළ බවයි.