රෝද තුනේ බයිසිකලය පදින 102 හැවිරිදි වෛද්‍යවරිය

රෝද තුනේ බයිසිකලය පදින 102 හැවිරිදි වෛද්‍යවරිය

එක්සත් ජනපදයේ 102 හැවිරිදි වියෙහි පසුවන වෛද්‍යවරියක් සෞඛ්‍ය සම්පන්නව සිටීමට දිනපතා රෝද තුනේ බයිසිකලය පදින බව පවසනවා.

Gladys McGarey වෛද්‍යවරිය තවමත් ව්‍යායාමවල නිරත වන අතර නිතිපතා ඇරිසෝනාහි රෝද තුනේ බයිසිකලයක් පදින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊට අමතරව ඇය නිරන්තරයෙන් ජලය පානය කරන අතර සියලුදෙනා නිරන්තරයෙන් ජලය පානය කිරීමෙන් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගත හැකි බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තරුණ වියෙහි සිට ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීමෙන් ගැටලු රාශියකට මඟ පෑදිය හැකි බව වෛද්‍යවරිය පෙන්වා දී තිබෙනවා.

1002 හැවිරිදි වෛද්‍යවරිය හයදරු මවක් වන අතර ලේඛිකාවක් ලෙසද කටයුතු කරනවා.

ඇයගේ නවතම ග්‍රන්ථය ලෙස The Well-Lived Life: A 102-year-old Doctor’s Six Secrets to Health and Happiness at Every Age, යන නව පොත ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This