
රෝස පාට වූ LPL ක්‍රිකට් පිටිය
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී එල්ල කරන සෑම හයේ පහරකට, හතරේ පහරකටම මෙන්ම පන්දු යවන්නන් ලබාගන්නා සෑම කඩුල්ලකටම ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබෙනවා
ඒ අනුව ‘පියයුරු පිළිකා’ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද 14 දිනයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගවදින කණ්ඩායම් ‘රෝස දිනය’ ව්‍යාපාරයට සමගාමීව රෝස පැහැති ඇදුම්වලින් සැරසී සිටිනවා
එමෙන්ම අවසන් මහා තරගයේදී පිතිකරුවෙකු එල්ලකරන සෑම 06 පහරක් සඳහා රුපියල් 10,000ක්, සෑම 04 පහරක් සඳහා රුපියල් 4,000ක් සහ පන්දු යවන්නෙකු ලබාගන්නා සෑම කඩුල්ලක් සඳහා රුපියල් 6,000ක් ක්‍රිකට් ආයතනය අදාළ වැඩසටහනට පරිත්‍යාග කරනු ලබනවා.
මේ අතර මෙම අරමුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සමගාමීව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.