
රෝහල්ගත කළ ඒ. ආර්.රහ්මන් පිටව යයි
රෝහල්ගත කර සිටි ඉන්දියාවේ අතිදක්ෂ සංගීතවේදියෙකු වන ඒ. ආර්.රහ්මන් පිටව ගොස් තිබෙනවා.
විජලන තත්ත්වයක් හේතුවෙන් ඔහු චෙන්නායි හි රෝහලකට ඇතුලත් කරනු ලැබුවා.
වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීමෙන් අනතුරුව රහ්මන් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ලන්ඩනයේ සිට නැවත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අසනීප තත්ත්වයට පත්ව තිබෙනවා.
රාමසාන් උත්සවය වෙනුවෙන් නිරාහාරව සිටින බැවින් ඒ. ආර්.රහ්මන් මෙලෙස විජලන තත්ත්වයට පත්ව ඇති බව සඳහන්.