රෝහල්වල සිරවී සිටින රෝගීන් රැසක් ඉවත් කළ නොහැකියි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

රෝහල්වල සිරවී සිටින රෝගීන් රැසක් ඉවත් කළ නොහැකියි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගාසා තීරයේ රෝහල්වල සිරවී සිටින රෝගීන් රැසක් ඉවත් කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ ප්‍රධානියා පවසා තිබෙන්නේ ගාසා තීරයේ උතුරේ රෝහල්වල සිය ගණනක් සිරවී සිටින අතර දකුණු දෙසට යාමට නොහැකිව භූමියේ සිටින බවයි

උතුරේ බොහෝ අය එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) විසින් පවත්වාගෙන යන පාසල්වල නවාතැන් සොයන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර හමාස් සටන්කාමීන් රැසක් ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම්වලින් එක රැයකදී මිය ගිය බව ඊශ්‍රායල හමුදා පවසනවා

Share This